https://www.gossiplankanews.com/2019/07/electricity-ravi-issue.html
කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉන්ධන නළ සකස් කිරිමේදී විදුලි බල අමාත්‍ය රවී කරුණායක. මහතා බාධා සිදුකරන නිසා ඊයේ (30දා) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලයට ඉන්ධන
ලබාදීම නවතා දමන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කර තිබේ.මේ සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම වෘත්තීය සමිති සහාය දක්වන
බවද දන්වා ඇත.
අඟල් 12 නළ මාර්ගය එළීමේදී ඉවත් කළ යුතු නිවාස වන්දි මුදල් ලබාදී ඉවත් කර තිබියදී කිසිඳු හේතුවක් නොමැතිව අමාත්‍යවරයා අදාළ කටයුතුවලට බලපෑම් කරන බව එම සමිති දන්වා තිබේ.
විදුලි බල මණ්ඩලයට හා විදුලි බල අමාත්‍යංශයට අයත් පුද්ගලික බලාගාරවලට මේ ආකාරයට ඉන්ධන අහිමිවීම නිසා ඉදිරියේ විදුලි අර්බුදයක් පැනනැගීමේ අවදානමක් මතුව තිබේ.
සේවක වෘත්තිය සමිති දන්වා සිටින්නේ විදුලි අර්බුදයක් මේ නිසා මතුවන්නේ නම් වගකිව යුත්තේ ඇමතිවරයා බවයි.අඟල් 12 නළ මාර්ගය එළීමේදී අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට ඇමතිවරයා ඉඩ නොදෙන බවත් මේ නිසා ගැටලු මතුව ඇති බවත් වාර්තාවේ.