විරෝධතාවක නිරත වූහ. කහවත්ත නීලගම පට්ටියදෙනිය ප්‍රදේශයේ ජීවත්වූ අසරණ පවුලකට ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් කහවත්ත වතු සමාගමට අයත් මාර්ගයක් අසළ කටුමැටි පැලක් ඉදිකර දීමට කටයුතු කළ බව විරෝධතාකරුවෝ පැවැසූහ.
කහවත්ත පොලීසියේ නිලධාරීන් පිරිසක් පසුගිය 29 දින පෙරවරුවේ එම පැල්පත අසලට පැමිණ ඒ අසල සිටි තරුණ පිරිසට පහරදුන් බවත්, තරුණයකුගේ හිසට එල්ල කළ පහර දීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ. මෙලෙස පහරකෑමට ලක්ව රෝහල්ගත කර ඇත්තේ, රොෂාන් චන්දිම කරුණානායක (අවු.24) නමැත්තෙකි. තම ප්‍රදේශවාසී තරුණයන් සිදු කළේ නිවසක් නොමැතිව සිටින අසරණ පවුලකට කටුමැටි ගසා තාවකාලික නිවසක් ඉදිකර දීම බවත්, පොලීසිය සමග එම වතු සමාගම් සහකාර වතු අධිකාරයා එම වතුයායේ මුරකරුවෙක්ද
මෙසේ තුවාල ලැබූ තරුණයා ප්‍රදේශවාසීන් විසින් ත්‍රිරෝද රථයකින් කහවත්ත මූලික රෝහලට ඇතුලත් කළ බවත් එදින පෙරවරුවේම එම තුවාලකරු කහවත්ත රෝහලෙන් රත්නපුර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ. මෙම අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස එම පිරිස බලධාරින්ගෙන් ඉල්ලමින් විරෝධතාවය පැවැත්වූහ.
එම ස්ථානයට පැමිණි රත්නපුර දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරී ටී.ඒ.එච්, නිශ්ශංක මහතා එම පිරීස අමතා ප්‍රකාශ කළේ, මාර්ගය අවහිර නොකරන ලෙසත් යළි පහරදීමක් සිදුවී ඇත්නම් වහා පරික්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටුකරන බව පැවසීමත් සමග විරෝධතාකරුවා විසිර ගියහ.මේ සම්බන්ධයෙන් කහවත්ත වතු සාමාගම් වතු අධිකාරී ලක්කන පෙරේරා මහතාගෙන් විමසීමේදී මෙසේ පැවැසීය.
"අප වතු සමාගමකට අයත් ප්‍රදේශයක තමා මෙම අනවසර ඉදිකිරීම කරලා තිබෙන්නේ. එම ඉදිකිරීම පසුගිය 28 දින රාත්‍රී කාලයේ සිදුකර තිබෙනවා. මේ සම්බන්ධව අපි කහවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ල අනුව පොලීසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ එම ඉදිකිරීම ඉවත් කරන්න කියලා ඉදිකිරීම් කළ අයට උපදෙස් දීලා තිබෙනවා.
අපේ වතු සමාගම් අදාළ ප්‍රදේශය භාරව සිටින නිලධාරීන් දෙදෙනෙක් හා සේවකයන් දෙදෙනක් එම ස්ථානයට පිටත් කර හැරීයා, මම ගියේ නැහැ. මම සේවකයන් ගෙන්වා පහරදීමක් සිදුවුවාද කියලා විමසීළි කළා. එවැනි පහරදිමක් පොලීසිය සිදුකර නැති බව එම නිලධාරී මට පැවැසුවා.
පොලීසිය එම පරීක්ෂණය කළ අවස්ථාවේ පනහක පමණ පිරිසක් එහි රැදී සිටි බව මගේ නිලධාරීන් පැවැසුවා. වතු සමාගමට අයත් බල ප්‍රදේශවල යම් ඉදිකිරීමක් කළහොත් නීතිමය පියවර ගැනීමට අපී බැදී සිටිනවා"
"කිසිම පුද්ගලයකුට අපි පහරදීමක් සිදුකළේ නැහැ. කහවත්ත වතු සමාගම් පැමිණිල්ලකට අනුව එම ස්ථානයට ගොස් අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට පියවර ගත්තා. සාමාන්‍ය ජනතාවට පහරදීමට අප කිසිසේත්ම පෙළඹෙන්නේ නැ" යැයි මේ සම්බන්ධයෙන් කහවත්ත පොලිස්ථානාධිපතිවරයාගෙන් වීමසීමේදී පැවසීය.
-කසුන් දර්ශන-