මෙසේ අනවසර මුදල් ඉපෑයීමක නියැලී සිටි බස් රථ හසු කර ගත්තේ මාකුඹුර පිහිටි බහුකාර්ය මගී ප්‍රවාහන පරිශ්‍රයේදී සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදීය.
පොදු මගී ප්‍රවාහන සේවයේ නියැළී සිටින බස් හිමියන් සහ බස් සේවකයින් සිදු කරන ලද පැමිණිලිවලට අනුව සිදුකළ
එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතා, අපි බසි හිමියන්ගෙන මගී ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව විමසිලිමත් වෙනවා.
ඒ වගේම රටේ ජනතාවට ගමන් පහසුකම් ලබාදෙන බස් හිමියන් සහ බස් සේකයින්ටත්, ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබා දිය යුතු වෙනවා.
ඒත් කාර්යාල කාර්යමණ්ඩල ප්‍රවාහකයින් සිදු කරලා තියෙන්නේ මගී ප්‍රවාහනයේ යෙදී සිටින්නගේ ආදායම සූරා කෑමක්. ඒ නිසා අපි ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. බස් කර්මාන්තයේ නියැළී සිටින්නන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර දෙනවා "යැයි පැවසුවේය.
-අමිල සංකල්ප-