උතුරු ප්රදේශයේ මේ දිනවල මුහුදු මාළු සහ කරවල මිල ඉතා ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර දැඩි හිඟයක්ද
පවතී.මේ පිළිබඳව අදහස් දක්වමින්
මන්නාරමේ ධීවරයන් කියා සිටියේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා උතුරේ ධීවරයන්ට නිසි ලෙස ධිවර රැකියාව කරගෙන යෑමට ලැබී ඇත්තේ දින 23ක කාලයක් පමණක් බවයි. උතුරු පළාතට බලපෑ ගංවතුර තර්ජනයද එක දිගටම උතුරු පළාතේ මුහුද රළු වෙමින් පැවැති අයහපත් කාලගුණික තත්වයද පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්රහාරයද උතුරේ ධිවරයන්ගේ ධිවර රැකියාව නිසි ලෙස කරගෙන යෑමට නොහැකි වූ හේතූන් බව මන්නාරමේ ධීවරයෝ පැවැසූහ.
මේ දිනවලද අධික සුළං සහිත තත්ත්වය නිසා මන්නාරම ඇතුළු උතුරු පළාත් ධිවරයන්ට අසුවන්නේ කුඩාම මාළු පමණක් බවද ඔවුහු කියා සිටියහ.මේ හේතුව නිසා පරා, තලපත්, කෙළවල්ලා වැනි මාළු කිලෝවක් මුහුදු වැල්ලේදීම රුපියල් දහස ඉක්මවූ තොග මිලකට අලෙවි වෙයි.
-රසාදි චතුරංගි ගමගේ-