විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා තම ෆේස්බුක් ගිණුමේ දක්වා ඇති සටහන පහතින්

ගෝඨාගමනය වැලැක්විය හැකිද?

පසුගිය පලාත්පාලන මැතිවරණ ප‍්‍රතිඵල අනුව යන්නේ නම් ගෝඨා සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ම සියයට 40ක ඡන්ද ප‍්‍රතිශතයක් අතේ තබාගෙනයි.
යූඇන්පී සහය ලබන අපේක්ෂකයා පටන් ගන්නේ සියයට 30 කිනි.
මෛත‍්‍රීපාල හෝ ශ‍්‍රීලනිප අපේක්ෂකයෙක් වෙනම ඉදිරිපත්නොවන තත්වයක් තුළ 2018 පෙබරවාරි හී මෛත‍්‍රීපාලට ලැබුණු සියයට 13 ගෝඨාට
ගැනීම අපහසු නොවෙ
ඊට අමතරව දෙමළ මුස්ලිම් මෙන්ම නව කතෝලික ඡන්ද ප‍්‍රමාණයක්ද ගෝඨාට ලබාගැනීමට හොදටම හැකියාව ඇත. එවිට ගෝඨාට ජනාධිපතිවරණය ජයගැනීම කිසිසේත්ම අභියෝගයක් නොවෙයි.
අනික් අතට ජවිපෙට අනිවාර්යයෙන්ම වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සිදුවෙයි.
ජවිපෙ සියයට 5ක් ගත්තත් එයින් අදහස්වන්නේ යූඇන්පී අපේක්ෂකයාට ඉතිරි සියයට 20 ලබා ගැනීමට ඇති හැකියාව සීමිත බවයි.
ගෝඨා පැරදවීමට කෙනෙක් සිහිනෙන් හෝ සිතන්නේ නම් 2015 සංධානය නැවත ඇති කරගත යුතුය. එය මේ අවස්ථාවේ කිසිසේත්ම කළ හැක්කක් නොවෙයි.