පසුගිය සඳුදා සිට
මෙම ලේඛනය තුළ ගෝඨාභය මහතාගේ නම පාස්පෝට් අංකය සහතික කළ අයගේ නම් හා තනතුරු ආදී වැදගත් දත්තද අඩංගුවේ. බැලුබැල්මට මෙය නිවැරදි සහතිකයක් බව පෙනී ගියත් මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී සංස්කරණය කර සැකසූ ව්‍යාජ ලේඛනයක් බවට හඳුනාගන්නට ලැබේ.
සත්‍ය ලෙසම මෙම සහතිකය මුදා හැරිය අය සිදු කර ඇත්තේ විකිපීඩියා වෙබ් අඩවියේ දක්වා ඇති සාම්පල ලේඛනයක කොටස් කිහිපයක් සංස්කරණය කිරීමකි. කෙසේ වෙතත් එම සංස්කරණයේදී ඇතැම් දින වැරදී යාම නිසා මෙම ලේඛනය කූඨ ලේඛනයක් බව වඩාත් පැහැදිලිවී ඇත.
මේ ගැන සත්‍ය තත්වය අද (31) දින ඩේලි මිරර් පුවත්පතේ ලිපියකින්ච අනාවරණය කර තිබේ. කූඨ ලේඛනයේ හැටියට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය 2003 මාර්තු 13 ලබා ඇතත් සත්‍ය ලෙසම ගෝඨාභය මහතා එම පුරවැසිභාවය ලබා ඇත්තේ 2003 ජනවාරි 31 බව පුවත්පත විසින් හෙළි කර තිබේ. එසේම ගෝඨාභය මහතාගේ පාස්පොට් එක ඇමරිකාව නිකුත් කර ඇත්තේ 2012 ඔක්තෝබර් වුණත් මෙහි දැක්වෙන්නේ 2012 ජුලි බවකි.
මේ ලේඛනයට අත්සන තබා ඇති ජොයෙල් ෆුල්ෆිල්ඩ් යන නම හා අත්සන විකිපීඩියා සාම්පල සහතිකයේ ඇති ආකාරයටම ව්‍යාජ ලේඛනයේ පිටපත් කර ඇත.