කොළඹ මහනුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියැදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන ගණිත ගුරුවරයාට අයත් ප්‍රාඩෝ රථය පෙරේදා (24) කොළඹ අපරාධ
කොට්ඨාසය වෙත බාරදී ඇතැයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සැකකාර ගණිත ගුරුවරයා වන දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් සමාගමක ගිණුම් සහකාරවරියක් නීතිඥවරයෙකු සමග පැමිණ ඩබ්ලිව්. සී.ඒ.ජී. 0550 ප්‍රාඩෝ රථය රැගෙන විත් බාරදි ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

වෑන් රථ රියදුරු පහරදීමට සැකකරුවන් පැමිණි ඩිපෙන්ඩර් රථය මහරගම ඇල්හේන නිවසක සඟවා තිබිය දී මීට දින කිහිපයකට ඉහත දී සොයා ගනු ලැබිණි.


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)