පසුගිය 19දා ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික කළුතර බෝධීන් වහන්සේගේ අත්තක් කඩාවැටීමේ සිද්ධියක් වාර්තා විය.
කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දන්වා සිටියේ එදින පැවති අයහපත් කාලගුණ තත්වය සමග
සන්ධ්‍යා කාලයේ දැඩි සුළං තත්වයක් පැවති බවත් මේ හේතුවෙන් ශ්‍රී මහා බෝධි අංකුර ශාඛයක් වශයෙන් වැඳුම් පිදුම් ලබන කළුතර බෝධීන් වහන්සේගේ අත්තක් කඩාවැටුණ බවයි.යුද හමුදා භට පිරිස් යොදවා එය ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කරන්නට කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතකු කර තිබේ.
සිද්ධිය සැලවීමත් සමඟින් කළුතර මහ දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතා මේ ගැන උපදෙස් ලබාදී ඇති අතර
9 වැනි ගැමුණු හේවා බළඇණියේ සෙබළුන් යෙදා ‍දොඹකර සහ විදුලි කියත් ආධාරයෙන් බුදු මැඳුරට හානියක් නොවන පරිදි බෝ අත්ත ඉවත්කර බැතිමතුන්ට වන්දනා මාන කිරීමට සුදුසු පරිදි එම ස්ථානය යළි සකස් කර ඇත
ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් සුජිත් කුලසේකර මහතා පවසන්නේ බෝ අත්ත කපා ඉවත්කිරීමට ප්‍රථම මහ දිසාපති තුමන් බෝ සමිඳුන් වෙත පුද පූජාද පවත්වන ලද බවයි.