කළුතර දොඩංගොඩ බෝම්බුවල ප්‍රදේශයේ සූදු පොළක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීමේ සිද්ධියක් වාර්තාවේ.
සූදු පොළ වැටලීමට පොලීසිය එහි ගිය අවස්ථාවේ
එහි සිටි පිරිස මුලින්ම පළා ගොස් තිබූ
අතර එම අවස්ථාවේ නවතා තිබූ යතුරු පැදියක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, පසුව එම ස්ථානයට සංවිධානාත්මකව කල්ලියක් ලෙස පොලු මුගුරු රැගෙන පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.එම අවස්ථාවේ අත්අඩංගුවට ගත් සැකකරු ද පළා ගොස් තිබේ.
පහර දීමෙන් උපපොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් කොස්තාපල් රියැදුරුවරයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පසුව සිදු කළ මෙහෙයුමකින් ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරු 39 හැවිරිදි තිත්තවැල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.