බ්‍රිතාන්‍ය රජ පවුලේ රැජිණගේ නීති නියාමනයන් අනුව එම සාමාජිකයින් සියල්ල හැසිරිය යුතු බව ප්‍රකට කරුණකි. මින් ඉහත චාල්ස්ගේ බිරිය ඩයනා කුමරියට මෙම නීති ගැන පැවතියේද අප්‍රසාදයකි. මේ වනවිට
විළියම් කුමරුගේ බිරිය කේට් සම්බන්ධයෙන් මාධ්‍ය තුළ පළවන ඇතැම් ඡායාරූප හා විස්තරද මෙම නීති නියාමනයන්ට පටහැණි ලෙස ඇඟ පෙනෙන විලාසිතා වීම නිසා රැජිණගේ අප්‍රසාදයට හා කණස්සල්ලට හේතුවී ඇති බවට බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කරයි.
අහම්බයන් ලෙස ගවුම් සුළගේ යාම් සහිත ඡායාරූප කිහිපයක් හා විනිවිද පෙනෙන ලෙස අඳින ඇඳුම් මෙම රාජකීය නීතියට අනුකූල නොවීම ගැටලුවට හේතුවී ඇත. විළියම් කුමරුගේ විශ්ව විද්‍යාල පෙම්වතියක ලෙස කේට් ප්‍රසිද්ධ වන්නට පෙර ඇය නිරූපණය විනෝදාංශයක් කරගෙන සිටි අතර ඒ කාලයේ ඇගේ ඇඳුම් විලාසිතා පසුකාලීනව වෙන්දේසි වලට පවා යොමු විය. එක් වෙන්දේසියකදී ඇය ඇන්ද විනිවිද පෙනෙන ගවුමක් පවුම් 125000 කට අලෙවිවී තිබුණි.(මේ සමග පළවන අවසන් ඡායාරූපයේ දැක්වේ)
කෙසේ වෙතත් රජපවුලට සම්බන්ධවීමට සූදානම් වූ සමයේ සිට ඇගේ පැරණි විලාසිතා කුමය වෙනස් කරන ලෙස මාලිගයෙන් උපදෙස් ලැබුණි. නමුත් ඇගේ ආසාව ඇය හොරෙන් ඉටු කරගන්නට ඇතැම් තැන්වලදී උත්සාහ කරන බව රැජිණගේ චෝදනාවයි.