ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව කටුපොත පොලීසිය පවසයි. පෙරේදා (28දා) අලුයම 5ට පමණ මෙම සිද්ධිය වී ඇත. කාන්තාවගේ සැමියා රැකියාව සඳහා අලුයම නිවෙසින් පිටවි යනු බලා සිටි මේ බීමත් පුද්ගලයා කාන්තාව සිටි නිවෙසට ඇතුළු වී රෙද්දක් ගෙන කාන්තාවගේ මුහුණ වසද්දී ඇය දඟලා ඇත.
එවිට බීමත් පුද්ගලයාගේ අතේ ඇගිලි දෙකක් කාන්තාවගේ කට තුළට ගොස් ඇත. කාන්තාව ඇඟිලි දෙක සපා ඇත. බීමත් පුද්ගලයා ඇඟිලි දෙක කටින් එළියට ගැනීමට තැත් කිරීමේදී කාන්තාවගේ දත් දෙකක් ගැලවී ඇත. ඇය රෝහල් ගත කර ඇතැයි කටුපොත පොලිසිය පැවැසීය. සකකරු කටුපොත, දෙබරවැව පදිංචි දෙදරු පියකු බවට හඳුනාගෙන ඇත.
ඔහු නිතර බීම නිවසේ බිරියට සහ දරුවන්ට පහර දෙන බවටද පැමිණිලි ලැබී ඇති බවත් මෙයට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව නිදහස්ව පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය පැවැසීය. සැකකරු පලා ගොස් සැගවී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් කටුපොත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඇම්.එස්.ඒ. පද්මසිරි මහතා පැවැසීය.
-කේ.එස්.ජයසුරිය-