කිලිනොච්චිය පුනරීන් නච්චිකුඩා මුහුදු තීරයේදී ධීවර දැලකට ඉතා දුර්ලභ ගනයේ දැවැන්ත මුතු මෝරෙකු හසුව මිය යාම හේතුවෙන් ධීවරයන් තිස්දෙනෙකු පෙරේදා (29දා) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි.
අඩි 20 කට වඩා දිගින් යුත් මෙම මුතු මෝරා කිලෝ 2000 කට අධික බරකින් යුක්ත වන අතර කල්කුඩා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත ධීවරයන්ගේ විශාල දැලකට හසුව ගොඩට ඇදීම හේතුවෙන් එම මුතු මෝරා මිය ගොස් සිටි බවට ධීවර පරීක්ෂක නිලධාරීහු පැවසුහ.
එමෙන්ම මෙම මුතු මෝර විශේෂය වඳවීගෙන යාමේ දැඩි තර්ජනයකට මුහුණ පා සිටින බැවින් ඇල්ලීමට හෝ මැරීම නීතිවිරෝධී වන අතර අත්අඩංගුවට ගත් ධීවරයන් තිදෙනා කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ධීවර පරික්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.