ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සිය මාධ්‍ය හමුවකදී අනාවැකියක් පවසමින් දන්වා සිටින්නේ පසුගියදා එක්දින පිටියෙන් සමුගත් ලසිත් මාලිංග ඒලියන්ත වයිට් ගැන සිය අවසන් කතාවේදී
සිදු කළ ප්‍රකාශය මුල් කරගෙන
ඉදිරි දිනකදී දී රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ඒලියන්ත වයිට් දූෂණ චෝදනා වලට ලක්වීමෙන් පසු ඔහු හිටපු ජනපතිගේ පුද්ගලික වෛද්‍යවරයා නොවන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු විය.
නමුත් ඒ කිසිවක් නොදැන මාලිංග මහින්ද රාජපක්ෂට ස්තූති කර තිබුනේ පුද්ගලික වෛද්‍යවරයා ඒලියන්ත බවට නැවත හඳුන්වා දෙමිනි.ලසිත් මාලිංග ඔහුගෙන් ප්‍රතිකාර ගත් නිසා ඉදිරියේ දී පොදු දේපළ අවභාවිතය චෝදනාවලට ලක්විය හැකි තත්වයක් මතු වී ඇති බව මුසම්මිල් දන්වා ඇත.