ජයග්‍රහණයකින් එක්දින පිටියට සමුදුන්  මාලිංග
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 314ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ ලකුණු 223ක් පමණි.
ලසිත් මාලිංගගේ මෙම අවසන් එක්දින තරගයේ පන්දුවාර 9.4කදී ලකුණු 38කට කඩුලු 3ක් දවාගත්තේය. ජයග්‍රහණය අත්කරමින් ඉනිමේ අවසන් කඩුල්ල දවාගත්තේද මාලිංග විසිනි. මෙම තරගය නරඹන්නට විපක්ෂනායක ඇතුළු දේශපාලක පිරිසක්ද එක්වූහ.
https://gallery.gossiplankanews.com/event/lasith-malinga-farewell-match.html