https://www.gossiplankanews.com/2019/07/live-face-book-malinga.html
බන 26 වනදා එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට දැනුම් දී ඇති ලසිත් මාලිංග සිය බිරිය ටානියාගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ සජීවීව එක්වෙමින් තම රසිකයින්ට ස්තූති කරන්නටත් අවසන් තරගය බලන්නටත් ආරාධනා කළ අතර තමන් රිදවූ අයට අනුකම්පා කරන බවද
දැනුම් දුන්නේය.
ඒ මෙසේය.

'ක්‍රිකට් ආයතනයට මා බංග්ලාදේශ සංචාරයේ පළමු තරගයෙන් සමුගන්නා බව දැනුම් දුන්නා. අද එය ස්ථිර වුණා.
මගේ ජීවිතේ අවුරුදු 16 ක ක්‍රිකට් ජීවිතේ මම ෆයිට් කරලා මගේ දක්ෂතාව මතම කණ්ඩායමේ රැඳුණා. මගේ ක්‍රිකට් ජීවිතයේ අභියෝග වලට ශක්තිය දුන්න ඔබ සියල්ලටම මම ස්තූතිවන්ත වෙනවා.
හැකිනම් 26 වනදා ඇවිත් මට සහය දෙන්න.

මට මෙච්චර කාලයක් කණ්ඩායමෙන් එළියට දාන්න එකතුවෙලා හරි අන්අයගේ කීමට හරි කටයුතු කළ සියලු දෙනාට මං අනුකම්පා කරනවා. මොකද දක්ෂතාව මත පමණයි කන්ඩායමේ රැඳිය යුත්තේ ඒක මම හිතනවා මම ක්‍රීඩකයෙක් විදිහට සෑහෙන්න සාර්ථක වුණා කියලා.

ඒ දෙයට පෙළඹුණ සැමට අනුකම්පා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.