ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදින්ගේ සංගමය මගින් සංවිධානය කර තිබූ ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය- 2019 නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ (26) පස්වරුවේ එක් වූහ.



"ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත ඡායාරූප" යන තේමාව යටතේ පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනය  කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත් වේ.
කතානායක කරූ ජයසූරිය සහ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.