එහිදී හොඳම ඡායාරූප ශිල්පියාට හිමි රන් සම්මානය ලංකාදීප ඡායාරූප ශිල්පී ලහිරු හර්ෂණටන්. දෙවැනි ස්ථානය සී/ස එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ රුක්මාල් ගමගේටන්,තෙවැනි ස්ථානය ඩේලි එෆ්.ටී. පුවත්පතේ චමිල කරුණාරත්නටත් හිමි වූ අතර එම සමාන හා සහතික පත් කනානායක කරු ජයසූරිය මහතා අතින් පිරිනමනු ලැබිණි.
ජනමාධ්‍ය ක්ෂේත්රයට විශාල සේවයක් කළ හිටපු ඡායාරූප මාධ්‍යවේදින් අට දෙනෙකුට උපහාර පිදීමද මෙහිදී සිදු කෙරිණි. ඒ අනුව සේන විදානගමගේ, වොල්ටර් පෙරේරා, චිත්‍රානන්ද, ඇල්ප්‍රඩ් සිල්වා, ශ්‍රීලාල් ගෝමස්, බන්දු කොඩිකාර, සරණපාල පමුණුව, යූ.එන්. පෙරේරා යන මහත්වරුන්ට උපහාර තිළිණ ප්රදානය කිරිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් සිදු කෙරිණ.
එහිදී ජනාධිපති
එහිදී තවදුරටත් අදහස් දැක්වු රාජපක්ෂ මහතා
"එදා ඔබ නැතුවම බැරි වුණා. ඔබ ඉන්නවාද කියලා අහලා රැස්වීම්වලට සම්බන්ධ වුණ ඇතැම් දේශපාලනඥයෙක් ඔබගේ කැමරා කුඩු කරපු ආකාරය මට මතකයි. එවැනි අවස්ථාවක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ සංවිධානය බිහිවුණේ කියලා මම හිතනවා. 1990 දී පමණ සිදුවුණ ඒ සිද්ධිය වන අවස්ථාවේ මම කම්කරු ඇමති.
එදා විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද කියලා හිතන්නේ නැතිව මම එදා පහරදීමට ලක්වුණු ඔබ වෙනුවෙන් පෙනී සිටියා. කැමරා කුඩු වුණ අයට කැමරා අරන් දෙන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.
ඒ කාලේ මට චෝදනාවකුත් එල්ල වුණා රනිල්ට කඩේ යනවා කියලා. හැබැයි මම විතරක් නෙවෙයි තවත් පිරිසක් සිටියා එදා ඔබ වෙනුවෙන් පෙනී සිටින්න. ඡායාරූප මාධ්‍යවේදින්ට දැන් තමන්ගේ ශිල්පීය හැකියාවන් දියුණු කරගන්න වැඩිපුර හදාරන්න අවස්ථාවක් නැහැ.
ඒ අවස්ථාව සලසා දීම අපේ යුතුකමක්. ලංකාවේදී බැරි නම් විදේශ ගතවෙලා හෝ ඔවුන්ගේ වෘත්තීමය හැකියාවන් දියුණු කරගන්න අවස්ථාව සලසා දිම වගේම සලසා ගැනීම ඔබේ වගකීමක් ලෙස මා දකිනවා.
(මුදිතා දයානන්ද)