ණවිරුවන්ට සුභසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ අද
(22) පැවති උත්සවයකදී ජනාධිපතිවරයා තමන්ට කොන්දක් නැති නායකයෙකු යයි ඇතැමුන් කරන චෝදනාව ගැන පිළිතුරු දුන්නේය.
තමන් කොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී කියා සිටියේය.එහෙත් තමන් කොන්දක් ඇති සෘජු නායකයෙකු

බව අවස්ථා කිහිපයකදීම රටට ඔප්පු කර ඇති බවත් පවතින රජයේ වංචා දූෂණ සෙවීමට කොමිෂන් සභා පත් කළේද ජවාරම්කරුවන් සහ පතාලය සමග තමන් සටන් වදින්නේද ඒ අනුව බව ඔහු පැහැදිලි කළේය.
සැබෑ ලෙසම කොන්දක් ඇති අනෙක් අය කළ යුත්තේ විවේචන නොව ජාවාරම්කරුවන්ගෙන්, අපරාධකරුවන්ගෙන් සහ දූෂිතයන්ගෙන් රට බේරා ගැනීමට තමන්ට සහය වීම බව කියූ ඔහු විවේචන අවශ්‍ය වුවත් ඒවා රට සහ ජනතාව නොමග යවන සහ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන බරපතල එවා නොවිය යුතු බවද කීය.
විවෙචන ඉදිරිපත් කරන්නන් සිදු කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ රණවිරුවන් කළ විශිෂ්ඨ මෙහෙවර පවාදිමක් බවටද ඔහු දන්වා සිටියේය.