පසුගිය ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු ඕස්ට්‍රෙලියාවට ගිය ලසිත් මාලිංග එරට සිට ක්‍රිකට් ආයතනය අමතා තමන්ට සමුගැනීම සඳහා තරගයක් ඉල්ලා ඊයේ පැවති බංග්ලාදේශ ශ්‍රී ලංකා එක්දින තරගය සඳහා
ක්‍රීඩා කළේය. එරට සිට ලංකාවට
එන්නට පෙර මාධ්‍ය ඔහුසේ ප්‍රචාරය ළුූයේ මාලිංග ඉදිරියේදී ඕස්ට්‍රෙලියාවේ පදිංචිය සඳහා පවුලේ අය සමග යනු ඇති බවත් ඔහුට එහි පුහුණුකාර රැකියාවක් ලැබෙනු ඇති බවත්ය. මාංලිග ගේ ගජ මිතුරු කුලසේකරද සිටින්නේ ඕස්ට්‍රෙලියාවේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (26දා) පැවති පළමු එක්දින තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ලසිත් මාලිංග ප්‍රකාශ කළේ එම වාර්තාවන් ගැන තමන් නොදන්නා බවයි.
 "මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ.

 මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ"
ඔහු කියා ඇත.