https://www.gossiplankanews.com/2019/07/man-death-after-stone-throw.html
සල නිවෙසක ඇතිදැඩි කළ බල්ලෙකු පාරේ යමින් සිටි අයෙකු සපා කෑමට පැමිණි අවස්ථාවේ නිවැසියන් හා පාරේ යමින් සිටි අය අතර ඇතිවූ බහින්බස් වීමක් පහරදීමක් දක්වා දුරදිග යාමෙන්
පාරේ ගමන් කළ අය මරණයට පත්වීමේ සිදුවීමක් පොල්ගහවෙලින් වාර්තාවෙයි.

මරණයට පත්වී ඇත්තේ පොල්ගහවෙල කැන්දගොල්ලවත්තේ පදිංචි එල්. ආරියවංශ නමැති එක්දරු පියෙකි. ඔහු තම බිරිද හා දියණිය සමග හිතවතෙකුගේ නිවසට ගොස් ආපසු එමින් සිටියදී මෙම සිද්ධිය වී තිබේ.

 බල්ලා සපා කෑමට පැමිණි අවස්ථාවේ ඔහු ගල් කැටයක් ගෙන බල්ලා එළවා දමන විට නිවසේ සිටි තරුණයන් දෙදෙනකු ඔහුට බැණ වැදි ඇත. ආරවුල දුරදිග ගොස් තරුණයන් දෙදෙනා පාර් ගිය අයට අතින් පයින් හා පොලු වලින් පහර දි තිබේ. පහර කා බරපතළ තුවාල ලද අය පොල්ගහවෙල රෝහලටත් එයින් පසු කරුණෑගල රෝහලටත් ඇතුළත් කළ පසු ඔහු රෝහලේදී මියගොස් ඇත.

මරණය පිළිබඳ සැකපිට පොල්ගහවෙල කොස්වත්ත පුහුරියේ තරුණයෝ දෙදෙනෙක් පොල්ගහවෙල පොලීසීය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඉන් එක් අයෙකු යුද හමුදා සෙබළෙකු බව පැවසේ. සැකකරුවන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය.
(ජේ.ඒ. විජේසිංහ)