ඔහු පවසන්නේ තමන්ට විශේෂ දේව වරමක්
හිසකෙස් නිරායාසයෙන් වැඩෙන්නට ඉඩසලසා ඇති ඔහු සිටගෙන සිටින විට ඒවා තට්ටු වශයෙන් නමා සිටීමට පුරුදුවී සිටී.
දරුවන් නැති අයට දරුවන් දෙන හාස්කම් ආයුර්වේද වෙදකම් සිදු කරන මෙම පුද්ගලයා හමුවීමට ඉන්දියාවේ දුරබැහැර පෙදෙස්වල සිට පිරිස් පැමිණෙන අතර ඔවුන් බෙහෙත් ලබාගන්නවාට අමතරව මොහු සමග සෙල්ෆි ගැසීමද මේ කාලයේ රැල්ලක් බව පැවසේ.
තරුණ කාලයේ ඉන්දියාවේ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කළ බව කියන ඔහුට මෙලෙස කොණ්ඩය වැවිමේ පුරුද්ද ආවේ කොණ්ඩය නොකපා දිගු කල් වනාන්තරවල කාලය ගතකිරීම නිසා බවද පවසා ඇත. සය දරු පියෙකුද වන සකාල් දේව් ගෙන් මාධ්‍ය කළ විමසීමේදී බිරිය හෝ දරුවන් මෙම කොණ්ඩය ප්‍රශ්නයක් කරගෙන නැති බවද දන්වා ඇත.