මන්නාරම සතොස සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් අස්ථිවල කාලය සම්බන්ධයෙන් යළිත් වරක් මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබද මහාචාර්ය රාජ්
සෝමදේව මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටින්නේ ඇමරිකාවේ ෆ්ලෝරිඩා රසායනාගාරය විසින් නිකුත් කරන ලද කාලනිර්ණ වාර්තාවල ගැටලු සහගත තත්වයක් පවතින බවයි.
ඒ අනුව එම වාර්තාව ජුලි මස 31 වැනි දිනට පෙර අධිකරණය වෙත ලබාදීමට අපේක්ෂා කරන බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේය. අධිකරණ නියෝග අනුව මෙම වෝහාරික වාර්තාව සකස් කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් කරන රාජ් සෝමදේව මහතා සමූහ මිනීවළෙන් හමු වූ අස්ථි නොවන භාණ්ඩ පරික්ෂා කිරීම තුළින් එම භාණ්ඩවල කාලය හා සමූහ මිනීවළ කුමන ආකාරයේ සිදුවීමක්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
-රසුල දිල්හාර ගමගේ-