https://www.gossiplankanews.com/2019/07/marie-amma-story.html
ගාල්ල උඩලමත්ත මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් ඉකුත් 23 වැනිදා පැවති දෙවන වාර විභාගය සඳහා අවුරුදු තුනහමාරක් වියැති තම බාල සහෝදරයා සමග පැමිණි විභාගයට පෙනී සිටියාය.
මේ සිසුවිය ජී. මාරි අම්මාය. මෙකී සිසුවියගේ එක් සහෝදරයකු අසනිපවීම නිසා
ඔහු මවත් සමග කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බාල මල්ලි රැකබලා ගැනීමට මෙම සිසුවියට සිදුවී තිබුණි. දැරියගේ පියාද එදිනෙදා කුලී වැඩ කර පවුලේ බඩවියත රැක ගැනීමට ගොසිනි. ඉකුත් 23 වැනිදින වාර විභාගයේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය තිබූ අතර ඇය එම ප්‍රශ්න පත්‍රය පෙනී නොසිටීමට තින්දුවක් ගෙන තිබුණි. මේ බව ඇය තම මිතුරියන්ටද කියා තිබුණි. මල්ලි අම්මාත් එක්ක රෝහලේ ඉන්නවා. ඒ නිසා බාල මල්ලි බලාගන්න වෙන්නේ මට ඒ නිසා විභාගය ලියන්න එන්න විදියක් වෙන එකක් නැහැ ඇය තම මිතුරියන්ට කීවාය.

මේ සිසුවියගේ එක් පාදයක් ඉවත්කොට ඇති අතර

ඇය ඉගෙනීමට දක්ෂ සිසුවියකි. එදින චිභාගය නියමිත වෙලාවට ආරම්භ වූ අතර මාරිඅම්මා සිසුවිය පැමිණ නොසිටීම ගැන වැඩබලන විදුහල්පති ඒ.කේ.එච්.එස්. තුෂාර මහතාට දැන ගක්නට ලැබී ඇත. ඔහු මේ ගැන සොයාබලා සිසුවිය රැගෙන ඒ සදහා ඇයගේ නිවසට ත්‍රී රෝද රථයක් යවනු ලැබීය.

පසුව එම සිසුවිය අවුරුදු තුනහමාරක්වන තම බාල මලියා සමග පැමිණ විභාගයට පෙනී සිටියාය. ඉකුත් 24 වැනිදා විභාගයට පෙනී සිටීම සඳහා පැමිණියේ බාල මල්ලියා සමගය. දින හයක් රෝහල්ගතව සිට මව සහෝදරයා සමග නිවසට පැමිණීම නිසා මාරිආම්මා සිසුවිය ඊයේ දින (25) තනිවම පාසලට පැමිණ විභාගයට පෙනී සිටියාය. මොවුන් උඩලමත්ත ප්‍රදේශයේ චතු නිවාස පේළියක පදිංචිව සිටින අතර දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වෙති. ඉන්න හිටින්නට පවා හරිහමන් නිවසක් නැත.

පාදයක් අහිමිවුවද මාරි අම්මා දිරිය දියණියකි. ඇය ගැන ගාල්ල උඩලමත්ත මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පති ඒ.කේ.එච්.එස්. තුෂාර මහතා අප සමග මෙසේ කීවේය.
මේ සිසුවිය ඉගෙනීමට දක්ෂ සිසුවියක්. ඇය මෙම පාසලට ආවේ 09 පංතියේදි. ඇය වෙනත් පාසලක ඉගෙනුම ලබමින් සිටන විට අටේ පංතියේ දි තමයි එක් පාදයක් ඉවත් කර තියෙන්නේ. මේ දැරිය පිළිකා රෝගි තත්වයකින්
පෙළීම නිසා තමයි පාදයක් ඉවත් කර තියෙන්නේ. පාසල් යන්න බැරිවූ කාලයෙත් ඇය පෙළපොත් හොයාගෙන පාඩම් කර පංතියේ 08 වෙනිය වෙලා තියෙනවා. අපේ පාසලට ආවට පස්සේ මේ සිසුවිය වැටුණේ ද දරුවන් ඉන්න පංතියකට ඒ පංතියෙදි ඇය 04 වැනියා වුණා.
අභියෝගවලට මුහුණ දීමට සමත් දක්ෂ සිසුවියක්. ඇත්තටම එදා මේ සිසුවිය විහාගයට ආවේ නැති නිසා මම ත්‍රීරෝද රථයක් යවා ඇය ගෙන්වාගෙන විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන්නා විනාඩි 40ක් පරක්කුවෙලා තමයි විභාගයට ලිව්වේ . මේ දරුවාගේ පවුලට කවුරුහරි දානපතියෙක් උදව් කරනවානම් ලොකු පිනක් බවද විදුහල්පතිවරයා කීවේය.
(ජේ.කේ.එල්. චාමින්ද)