මත්තල ගුවන්තොටුපළ ආසන්නයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් පොලිසිය විසින් අද වටලා තිබේ. ඊට සම්බන්ධ
සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
ලුණුගම්වෙහෙර පහළ මත්තල ලිපිනයේ තිබෙන මෙම හේන අක්කර තුන් කාලක් විශාල එක්ක වූ බව පැවසේ.

එම ස්ථානයේ ගංජා පැල 7336ක් වගා කර තිබූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණු අතර වයස 44 ක් වූ ජන උදානගම පදිංචි රංජිත් ප්‍රියන්ත යන අයෙකුට මෙය අයත්ව තිබී ඇත. වලාන දූෂණ මර්දන ඒකකය ඔහුව අත්අඩංගුවට ගෙන වැඩිදුර වීමර්ශන සිදු කළ අතර අද අධිකරණයට ඉදිරිපත් කර ලක්ෂ 2 ක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ. යළි 30 වනදා ඔහු උසාවියට කැඳවා ඇත.