කැකිරාව කලාවැව විජිතපුර බලකොටුවේ කොටසක් සුද්ද පවිත්‍ර කොට ඩෝසර් දමා පුරාවිද්‍යා ස්මාරක විනාශ කොට අඹ හා පොල් වගාකර ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණයක් සිදු විය.

එළාර දුටුගැමුණු සටන පවතී විජිතපුර බලකොටුව තුල පිහිටි පැරණි රජමාලිගාවක නටබුන් මෙසේ විනාශ කොට ඇති බව වාර්තා වේ.
එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා ඊයේ (27) පස්වරුවේ එම ස්ථානයට පැමිණි ඇත.
 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියටද පැමිණිලි කර තිබෙන මෙම සිද්ධිය ගැන මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ වනවිට සැකපිට පුද්ගලයන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් බන්ධනාගාර ගතකොට තිබේ.
දැඩිලෙස ප්‍රකෝපකාරී ලෙස  හැසිරුණු මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ආණ්ඩුවේ පිරිසට සහ විපක්ෂයේ පිරිසට ද දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් පුරාවස්තු විනාශය පිළිබඳව වහාම රට තුළ වැඩපිළිවෙළක් ඇති කළ යුතු බව අවධාරණය කර තිබේ.