කතරගම තිස්සමහාරාම මාර්ගයේ කාවන්තිස්සපුර යුද හමුදා කඳවුරට අනුයුක්ත කෝප්‍රල්වරයකු කඳවුර
පිටුපස මයිල ගසක එල්ලී සිටියදී
පෙරේදා (27) උදෑසන 5.45ට පමණ සොයාගෙන ඇති බවට තිස්සමහාරාම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අම්පාර මහඔය ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.පී. පේමතිලක නමැති 36 හැවිරිදි අයෙකි.

තුන්වන ජාතික ආරක්ෂක බලමුළුවට අයත් මෙම කෝප්‍රල්වරයා කාවන්තිස්සපුර යුද හමුදා කඳවුරේ සේවය  කර ඇති බවත්, අදාළ මරණ පරීක්‍ෂණ කටයුතු පවත්වා මේ පිළිබදව පුළුල් පරීක්‍ෂණයක් පවත්වන බවත් තිසමහාරාම පොලිසිය කියයි.

(කතරගම එම්.කේ. නන්දසේන)