විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට දැක්මක් නොමැති බවත් ඔහු හුදෙක් ජනප්‍රිය දේශපාලනයක නියැළෙන්නෙක් පමණක් බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා මහතා පවසයි.



ඔහුට කශේරුකාවක් තිබුණ ද බැසිල් රාජපක්ෂ සහ වෙනත් අය විසින් ඔහුව මෙහෙයවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවා මහින්ද රාජපක්ෂ මහතාව මෙහෙයවමින් තිබෙන බවත් ඒ මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ කමිටුව සම්මත කරගැනීමට විපක්ෂය සහාය ලබාදුන්නේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බව මහාචාර්යවරයා සිහිපත් කරයි.

මහාචාර්ය නලින් ද සිල්වා මහතා මේ බව සඳහන් කරන්නේ සිය “කාලය” වෙබ් අඩවියට ලිපියක් සම්පාදනය කරමිනි. මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය පාර්ශ්වය සමඟ එක්ව සිටින මහාචාර්යවරයා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කර ඇත.
එම සම්පූර්ණ ලිපියට යොමුව පහතින්
http://www1.kalaya.org/2019/07/blog-post_27.html