නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේදී අවන්හල් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු විදෙස් රටකට පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ පැනගොස් ඇති
පුද්ගලයා 2004 වසරේදී බැංකු කොල්ලයකට හා ඊට පසු තවත් අපරාධ රැසකට මොහු සම්බන්ධව සිට පොලිස් අත්අඩංගුවට පත් වූවකු බවත්, ඝාතනය සිදුකර පැය කිහිපයක් තුළදී ඔහු ඩුබායි රටට පලා ගොස් ඇති බවත්, ඝාතකයා අදාළ වනපාරිකයා හා කලක් කුලුපඟ මිතුරෙකුව සිට පසුව අමනාපව සිට ඇති බව සනාථ වූ බවත් පොලීසිය පවසයි.
පසුගිය 27 වැනිදා මිතුරෙකුගේ නිවසේ සාදයකට සහභාගි වී, යළි නිවස කරා පැමිණීමට සුදානම් වෙද්දී මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ නුගේගොඩ උඩගහමුල්ල මැදිවෙල පාර පදිංචි සුනිල් රුවන් පෙරේරා තිස් අට හැවිරිදි වියේ ව්‍යාපාරිකයෙකි.
අපරාධයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
- බිමල් ශ්‍යාමන් ජයසිංහ-