අද (28) අළුයම 1.10 ට පමණ කොහුවල පොලිස් වසමේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී ලෑන්ඩ්කෘෂර් වර්ගයේ ජිප් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයින්
දෙදෙනෙකු විසින් ගිනි අවියකින් වෙඩි තබා
පලාගොස් ඇති බවට කොහුවල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ජිප් රථයේ ගමන්කළ පුද්ගලයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් ඇත.
මියගිය අය වයස අවුරුදු 38 ක්වූ අංක 195/10, මාදිවෙල පාර, උඩහමුල්ල ලිපිනයේ පදිංචි රණවක සුසිල් රුවන් පෙරේරා නමැත්තෙකි ඔහු ජීප් රථයේ රියදුරු බව කියැවිණි,
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත. වයස අවුරුදු 40 ක්වූ අංක 82/3/ කනත්ත පාර, තලපත්පිටිය ලිපිනයේ පදිංචි අධිකාරී මුදියන්සේලාගේ ඉන්දික රොෂාන් යන අනෙක් තුවාලකරු වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.
වෙඩිතබා පලායන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.