පලාලි ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු ඉදිරි මාස තුන ඇතුළතදී අවසන් වීමත් සමග එම ගුවන්තොටුපළ දිවයිනේ පිහිටි තුන්වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ බවට පත් වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය
දිස්ත්‍රික් මන්ත්‍රී මාවෙයි

සේනාධිරාජ්‍ය මන්ත්‍රීවරයා පෙරේදා (30) යාපනයේදී පැවසීය. මේ සම්බන්ධයෙන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා දැනුවත් කර ඇත්තේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා විසිනි.

ඒ අනුව පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය නිසා පලාලි ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු මඳක් අඩාළ වුවත් මේ වන විට එහි සංවර්ධන කටයුතු යළිත් සිදු වෙමින් පවතින බව මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. දැනට පලාලි ගුවන්තොටුපළේ ධාවනය පථය තුළ පහසුකම් ඇත්තේ මගීන් 70ක් පමණ ගමන් ගන්නා ගුවන් යානා ගොඩ බැස්සවීමට පමණි.
එබැවින් පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය කර ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට පත් වීමෙන් පසුව ආසියානු රටවල් හා යුරෝපා රටවල් 19ක ගුවන් ගමන් පලාලි ගුවන්තොටුපළ හරහා සිදු වන බවද මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළේය.

-රසුල දිල්හාර ගමගේ-