මේ මස මුලදී පුවෙටොරිකොහි නවතා තිබුණ රාජකීය කැරිබියානු නෞකාවක 11 වන මහලේ සිට ජනේලයකින් විසිවී  මියගිය කුඩා දරුවාගේ දෙමව්පියන් තම දියණියගේ ඛේදජනක මරණය ගැන අදාළ නැව් සමාගමට නඩු පැවරීමට තීරණය කර තිබේ.

දැරියගේ මවගේ පියා වන සැල්වෝටෝර් අයෙලෝ ඇයව
නැවේ 11 වන තට්ටුවේ සිට සුරතල් කරමින් රඳවාගෙන සිටින අතර

ඇය ජනෙල් පියන්වලට තට්ටු කරමින් ඇවිද ගිය බව පැවසිණි.

එම වීදුරු සීල් කර තිබූ බවට සීයා විශ්වාස කළ අතර ඇයට පිටත බැලීමට තිබූ උවමනාවට ඉඩදීතිබිණි. මෙසේ සිටියදී එක් ජනේලයක් අනපේක්ෂිත ලෙස විවෘත කළ හැකි ආකාරයට ලිහිල්ව තිබී ඇති අතර එය මතට තට්ටු කිරීමට ගොස් විවෘතවී එක්වරම දැරිය එයින් විසිවී එළියට ගොස් මුහුදට වැටී ඇත

 නැවේ උසම තට්ටුවේ සිට අඩි 150 ක් පමණ පහළට ඇද වැටී ඇති දැරිය බේරාගැනීමට පිරිස වහා දිවගියක් ඔවුන් පහළ කොන්ක්‍රීට් තට්ටුවට ගොඩ වීමට පෙර දැරිය මිය ගියාය.

"එම නෞකාවේ 11 වන මහලේ ආරක්ෂිත තත්වයක් නොතිබීම ගැන අපි ඔවුන්ට පැහැදිලිවම දොස් පවරනවා,11 වන මහලේ කිසිම ආරක්ෂාවක් නැතිව කවුළුවක් විවෘතව තිබීම නිසා මෙම අනතුර සිදුවුණා" මාස 18 ක් වයසැති ක්ලෝයි වයිගන්ඩ්ගේ මව කිම්බර්ලි විගන්ඩ්  පවසා තිබේ.

“ඒ සඳහා නැවේ හිමිකරුවන් දැක්වූ ප්‍රතිචාරය වූයේ,“ අපට වාතාශ්‍රය අවශ්‍යයි ”යන්නයි.
 නිවාඩුවක් ගත කරමින් සිටියදී රාජකීය කැරිබියානු මුහුදේ  විවෘත කවුළුවකින් වැටී මියගිය දැරිය වෙනුවෙන් පුවර්ටෝ රිකෝ හි සැන් ජුවාන් හි නැව් සමාගමට එරෙහිව දෙමාපියන් නඩු පවරා තිබේ.