පාසැල් විවේක කාලයේදී ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිටි 12  හැවිරිදි සිසුවකු බිම වැටී හිස ගලක වැදීමෙන් මාවතගම රෝහලට ඊයේ (24) ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි මාවතගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මාවතගම
නගරයේ ඩි.බි.  වික්‍රමසිංහ විදුහලේ 07 වසරේ ඉගෙනුම ලැබූ හිදගොල්ල  වැවගෙදර පදිංචිව සිටි හසිත දෙව්මිත් (12) නමැති සිසුවෙකු බව ද පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධව පොලිසිය දැනට කළ පරීක්ෂණ අනුව මෙම සිසුවා විවේක කාලයේ පාසල් ක්‍රීඩාපිටියේ ඊයේ  (24) සෙල්ලම් කරමින් සිටියදී බිම වැටී ඇති බැවින් විදුහලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදී හෙළි වී ඇති බවත් සිසුවාගේ නළල පෙදෙසෙහි තැළුම් තුවාල තිබුණු බවත් මාවතගම රෝහලට ඇතුළත් කර ටික වේලාවකදී සිසුවා  මියගිය බවයි.

සිසුවාගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක්  පැවැත්වීමට නියමිතය.

-අතුල පී. බණ්ඩාරනායක-