ජනාධිපති සම්මාන උළෙල 2019 ඊයේ (26) රාත්‍රියේ නෙළුම්පොකුණ රංගශාලාවේ දී පැවැත්වුණා. ඒ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සිනමා කර්මාන්තය වෙනුවෙන් විශිෂ්ට නිර්මාණ සහ දායකත්වය ලබාදුන් කලාකරුවන් මෙහිදී ඇගයීමට ලක්කෙරුණා.

මෙහිදී 2016 වසරේ හොදම චිත්‍රපට ලෙස අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ඇගේ ඇස අග චිත්‍රපටයත් 2017 වසරේ හොදම චිත්‍රපටය ලෙස ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ 28 විත්‍රපටයත් සම්මානයට පාත්‍ර වුණා. 2018 වසරේ හොදම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකර ගත්තේ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහගුන් චිත්‍රපටයයි. 2016 වසරේ හොඳම සිනමා නළුවා ලෙසින් දසුන් පතිරණත් එම වසරේ හොදම නිළිය ලෙසින් ස්වර්ණා මල්ලවාරච්චිත් සම්මාන දිනාගත්තා. 2017 වසරේ හොදම සිනමා නළුවා ලෙස මහේන්ද්‍ර පෙරේරාත් හොදම සිනමා නිළිය ලෙස සේමිනී ඉද්දමල්ගොඩත් සම්මානයට පාත්‍ර වුණා.

2018 වසරේ හොඳම සිනමා නළුවා සහ නිළිය ලෙසින් මහේන්ද්‍ර පෙරේරා සහ අනෝමා ජිනාදරී සම්මාන දිනාගත්තා. මේ අතර වසරේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිකර ගත් චිත්‍රපටය බවට පත්වුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ බිම්බා දේවිය හෙවත් යශෝධරා චිත්‍රපටයයි. ජීවිතයේ එක්වරක් පමණක් කළාකරුවෙකුට හිමිවන ස්වර්ණ සිංහ සම්මානයෙන් කලාකරුවන් තුන්දෙනෙකු මෙහිදී පිදුම් ලැබුවා. ඒ සුගතපාල සෙනරත් යාපා,  රවීන්ද්‍ර රන්දෙනිය හා නීටා ප්‍රනාන්දු යන ප්‍රවීන කලාකරුවන්.