සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණ අතර ඇය සිය උපන්දිනය සමරමින් සැමියා හා මිතුරන් සමග මියාමි වෙරළේ විනෝද වූ බව කියැවේ.

මෙම අවස්තාවේ ඇය සිගරට්ටුවක්
උරමින් සිටිනු ඡායාරූපයට හසුවී ඒවා සමාජ මාධ්‍ය තුළ පළවීම නිසා ඇය ගැන කතා බහක් පැතිර පවතී. මෙයට හේතුවූයේ මීට පෙර අවස්ථාගණනාවක මෙම සුපිරි නිළිය දුම්බිමේ නරක ආදිනවය ගැන කතා පැවැත්වීමත් ඇගේ හැසිරීම එයට ආදර්ශය සපයන්නක් නොවීමත්ය.
'සිගරට් නේද ඒක ජරාවක්' ඇය 2010 දී පවසා ඇත. එසේම පසුගිය වසරේ දිවාලි උත්සවය අතරද ඇය දුම්බොන්නන්ට බැණවැදී කතා පවත්වා ඇත.