https://www.gossiplankanews.com/2019/07/rayan-van-rovan-speaks.html#more
මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහි සාදයට සම්බන්ධවූ ටෙලි නළු රයන් වැන්රෝයන් ඩුබායි වෙතින් පිටුවහල් කළ පසු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්ව ටික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.
ඔහු ඉන්පසු ඇප මත නිදහස් විය. දැන් රයන් මොකද කරන්නේ ?
ඔහු ඒ ගැන සතිඅන්ත පුවත්පතකට මෙසේ
කරුණු දක්වා තිබේ.

 රයන් මේ දවස්වල මොකද කරන්නේ ?

 චිත‍්‍රපටයක රූගත කිරීම්වලට සම්බන්ධවෙලා ඉන්නවා’ එ් අතරේ තව ටෙලිනාට්‍යයකටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා’ එ් කටයුතු තමයි දැනට සිද්ධවෙන්නේ’

ආරාධනා ලැබුණ චිත‍්‍රපටය මොකක්ද කිව්වොත් ?

 තවම නමක් යොදලා නැහැ’ අපේ අනෝජ් තමයි චිත‍්‍රපටය කරන්නේ’ එ්කේ මේ දිනවල රඟපානවා’ ඊට පස්සේ ලබන මාසේ දහවැනිදා පටන්ගන්නවා අලූත් ටෙලිනාට්‍යයක්’

 කලා කටයුතුවලට ආරාධනා ලැබෙනවාද?

 ඔව්’ ආරාධනා නම් ලැබෙනවා’ මම මේ දවලස්වල පොඞ්ඩක් තෝරාබේරාගෙන තමයි රඟාපාන්නේ’


 රයන් කියන්නේ විවිධ චරිත කරපු නළුවෙක්’ ඇයි මේ තෝරාබේරාගෙන චරිත රඟපාන්න හිතුවේ ?

 මට වෙච්ච දේත් එක්ක තෝරාබේරාගෙන චරිත කරන්න වෙලා තියෙන්නේ’ අනික තෝරාබේරාගෙන චරිත කරන එක මට හොඳයි කියලා හිතුණා’ ඉස්සර නම් මම පූර්ණකාලීනව කලාවට යෙදුණා’ දැන් මම තීරණය කළා ෆුල්ටයිම් කලාවට යෙදෙන්නේ නැතිව හොඳ චරිතයක් ලැබුණොත් එ්කට සාධාරණයක් ඉෂ්ට කරන්න’

 වෘත්තිය නළුවාගේ කාර්යභාරයෙන් ඈත්වුණාද?

 එහෙම කියන්නම බැහැ’ කලාවෙන් ඈත්වෙන්නේ නැහැ’ හැබැයි හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා’ චරිතයක් ලැබුණහම පිටපත කියවලා හොඳට හිතලා බලලා තෝරාබේරාගෙන එ් චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරක්

 භාරගන්නවා’ රඟපෑම ෆුල් ටයිම් කරන්නේ නැහැ’

 ඇයි එ්වගේ තීරණයක් ගත්තේ ?

 ඇත්තටම ගොඩක් දුරට කලකිරිලා තියෙන්නේ’ කලකිරීමත් එක්ක තමයි මගේ ජීවිතය මේ දිනවල ගෙනියන්නේ’ කලාකරුවෙක් විදිහට මට වෙච්ච දේත් එක්ක ගොඩක් ලොකු කලකිරීමෙන් ඉන්නේ’

 ක්‍ෂේත‍්‍රයේ නිර්මාණවලට ඔබට ආරාධනා ලැබෙනවාද?

 මම ඉස්සරවෙලා කිව්වවගේ ආරාධනා ලැබෙනවා’ 10 වැනිදා පටන්ගන්න ටෙලිනාට්‍ය දීර්ඝ ටෙලිනාට්‍යයක් හින්දා මට දිගටම වැඩ තියේවි’ මට හිතුණා එකක් දෙකක් වගේ

 කරගෙන නිදහසේ ඉන්න ඕනෑ කියලා’ තවම මගේ මනස හදාගන්නත් එක්ක’

 ඉස්සර ඔබේ වෘත්තිය රඟපෑම’ දැන් ජීවත්වෙන්නත් මොකක් හරි කරන්න වෙන්න වෙයිනේද?

 ඔව්’ ඇත්තටම මම රස්සාවක් කරන්නයි හිතාගෙන ඉන්නේ’ සමහර වෙලාවට කලාකරුවෙක් විදිහට අපි කලාකටයුතුවලට යෙදුණට එ් දේවල්වලින් අපිට ජීවත්වෙන්න අමාරුයි’ ඉතිං මම මේක ෆුල් ටයිම් කරන්නේ නැතිනිසා වෙන රස්සාවක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ’

 චරිත තෝරාබේරාගන්නවා කිව්වේ” මොනවගේ චරිතද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ ?

 එහෙම කැමැති චරිත නෙමෙයි’ ලැබෙන ඕනෑම චරිතයක් කරනවා’ මට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් චරිත භාරගන්නවා’

 පසුගිය කාලේ ඔබ කරපු නිර්මාණ අතරමග නැවතිලා එහෙම තියෙනවාද?

 නිර්මාණ දෙකක් තිබ්බා’ හැබැයි එ්කත් එ් නාලිකා දෙකේ නාට්‍ය දෙක නතර කරන්න කිව්ව නිසා රූගත කිරීම් පවා නතර කරලා තියෙන්නේ’ හැබැයි එ් අධ්‍යක්‍ෂවරුන්ම මට කතා කරලා කිව්වා ඔවුන්ගේ අනෙක් නිර්මාණවලට මාව දායක කරගන්නවා කියලා’

 පසුගිය කාලේ ඔබ හරි ජනපි‍්‍රය වුණා දෙවැනි ඉනිමේ ලයනල් සඳුන් සර් හින්දා’ මොකද එ් ගැන හිතන්නේ ?

 ජනප‍්‍රියතාවය කියන එක ඕනෑම කෙනෙකුට පොදුයි’ තමන් කරන නිර්මාණ අනුව නළු නිළියෝ කාලෙන් කාලෙට ජනප‍්‍රියවෙනවා’ බලමු ඉස්සරහට හොඳ නිර්මාණ කිහිපයකින් මගේ රසිකයන්ට මාව දකින්න ලැබේවි’

 රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාරවල අඩුවක් තියෙනවාද?

 ඇත්තම කිව්වොත් මගේ කලා ජීවිතයේදී ළඟින්ම හිටියේ කලාකරුවෝ අතේ ඇඟිලි ගාණට අඩුයි’ එ් කට්ටියට අමතරව මගේ ළඟින් හිටියේ රසික රසිකාවියන්’ මාව ශක්තිමත් කළේ ඔවුන්’ මට හිතුණා කලාවෙන් ඉවත්වෙන්න’ එ් වෙලාවේ ඔවුන් මට කතා කරලා කිව්වා කලාවේ ඔයා ඉන්න’ අපි ඔයාට ආදරෙයි කියලා කිව්වේ මගේ රසික රසිකාවියෝ’ මම ඔවුන්ට ණයගැතියි’


 රයන් වැන්රෝයන් පෙනුම එහෙම වෙනස් කරන්න අදහසක් තියෙනාවද?

 අනේ එහෙම නැහැ’ මේ මමමනේ’ මගේ පෙනුම වෙනස් කරන්න වුවමනාවක් නැහැ’ මට වැරදුණු තැන් තියෙනවා’ වැරදුණු තැන් හදාගෙන ඊට වඩා ශක්තිමත්ව ඉස්සරහට මුහුණදෙනවා’

 නළුවෙක් විදිහට ආපහු හැරී බැලූවොත් මොකද හිතෙන්නේ ?

 නළුවෙක් විදිහට ආපස්සට හැරිලා බැලූවොත් මම හිතන්නේ මට කිසිම දුකකුත් නැහැ’ කිසිම ආඩම්බරයකුත් නැහැ’ තියෙන්නේ එක දෙයයි’ ආපස්සට හැරිලා බැලූවොත් අපි කලාකරුවෝ විදිහට ඕනෑම කෙනෙක් එක්ක සුදහව ඇසුරු කරනවා’ එ් ඇසුර සමහර වෙලාවට අපිට හානියක් වෙන්න පුළුවන්’ ඉතිං මින් ඉදිරියට කිසිම කෙනෙකුගේ මගුල්ගෙදරකට” ප‍්‍රිය සම්භාෂණයකට සමභාගිවෙන්නේ නැහැ’

 එ් කියන්නේ පාඩුවේ ඉන්නවා කියලාද ?

 ඔව්’ මගේ පාඩුවේ මගේ කලාකටයුතුවල විතරක් කරගෙන ඉන්නවා’ වෙන කිසිම කෙනෙකුගේ කිසිම දේකට සම්බන්ධවෙන්නේ නැහැ’

 චිත‍්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න අදහසක් නැතිද?

 තවම නැහැ’ මම තවම ළිඳ ඇතුළේ ඉන්න මැඩියෙක් වගෙයි’ තවම මට ළි`දෙන් එළියට එන්න හම්බවෙලා නැහැ’ ඉතිං මම ළි`දෙන් එළියට ආපු දවසට මොකක් හරි නිර්මාණයක් කරන්න අදහසක් තියෙනවා’

 ඔබ කරපු චරිත ගැන තෘප්තිමත්ද?

 ඇත්තටම තෘප්තිමත්’ මම ගොඩක් ජනප‍්‍රිය අධ්‍යඣෂවරු වගේම ගොඩක් ජනප‍්‍රිය පිටපත් රචකයන් යටතේ වැඩකළා’ තව මට දේවල් කරන්න පුළුවන් කියලා හිතට දැනෙනවා’ මම හිතනවා ඉස්සරහට එ් චරිත මට ලැබේවි කියලා’

 රයන් දැන් ටිකක් නිශ්ශබ්දයි වගේ’ ඇයි  ?

 මෙහෙමනේ’ නිශ්ශබ්දවෙලා ඉන්න ඕනෑ කාලේ නිශ්ශබ්දවෙලා ඉන්න එක හොඳයි කියලා හිතෙනවා’ මොකද මේ වකවානුවේ මම නිශ්ශබ්දවෙලා ඉන්න එක හොඳයි’ මට දවසක් එ්වි හඬ ගා කියන්න’ එදාට කියන්න පුළුවන් දේවල් කියනවා’ දැනට නිශ්ශබ්දව ඉන්නවා’

 නාලිකාවලට කටයුතුවලට ආරාධනා නැතිද?

 ආරාධනා ලැබෙනවා’ ආරාධනා නැතිව නෙමෙයි’ එ් ආරාධනා ලැබුණ පළියට ඔක්කොම භාරගන්නේ නැහැ’ මම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෑ මාව විශ්වාස කරපු අධ්‍යඣෂවරුන් සහ රංගන ශිල්පීන් සහ ශිල්පිණියන්ට’ ඉතිං ඔවුන් හරහා මට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා’ එ් ලැබෙන ටෙලිනාට්‍යවලට මම මගේ දායකත්වය ලබාදෙනවා’

 රයන් ජීවිතය ගැන මොකද හිතන්නේ ?

 ජීවිතේ ඉතිං කියන්න තියෙන්නේ වෙරි බෑඞ්” කියන්න සෑඞ් කියලා තමයි’ ඇත්තටම ජීවිතය ආපස්සට හැරිලා බලනකොට පුංචි කලකිරීමක් එනවා’ ඉස්සර ගැන හිතනකොට ගොඩක් ශක්තිමත්ව මුහුණදෙන්නපුළුවන් මානසිකත්වය ඉන්නවා කියලා තමයි කියන්න තියෙන්නේ’

 ප‍්‍රශ්න කියන දේවල් එක්ක රයන්ගේ ජීවිතය වෙනස් වුණාද?

 එහෙම වෙනස්වෙලා නැහැ’ මම මමම තමයි’ ඔබ මුලින් කතා කරපු වෙලාවේත් මම කිව්වේ කිසිම පත්තරයකට ආටිකල් එක්ක දෙන්නෙත් නැහැ කියලයි’ මොකද මට අසාධාරණයක් වෙච්ච වෙලාවේ ගොඩක් කට්ටිය මට ඇඟිල්ල දික්කාරා මිසක් මං ගැන හරියට තෝරාබේරාගෙන ලිව්වෙත් නැහැනේ’ එ්ක නිසා තමයි මම පත්තරවලට ආටිකල් දෙන්නෙත් නැහැ කියන තැන හිටියේ’ ඔබ දැන් මට ආටිකල් එකක් කරන්න කතා කළා වගේම මට ආසාධාරණයක් වෙච්ච වෙලාවෙත් කතා කරලා ආටිකල් එකක් කරමු කිව්වා නම් තමයි මට අත්දෙකම උස්සලා සැලියුට් කරන්න පුළුවන්’

 එ් කියන්නේ ඔබට මාධ්‍යයෙන් ආසාධාරණයක් වුණා කියලාද?

 අනිවාර්්‍යයෙන්ම’ එ්ක ඔයාගේ පපුවට දෙපාරක් තට්ටුකරලා බැලූවොත් ඔයාටත් තේරෙයි’ ඔයත් මාධ්‍යවේදියෙක් හැටියට ඔයාට එ්ක තේරෙයි’ මාධ්‍ය මාව කොතැනටද දැම්මේ කියලා’ මම කිසිම කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්නේ නැහැ’ සමහරවිට මම කපපු වලේ මම වැටුණ හින්දා වෙන්න ඇති එහෙම වුණේ’ මම කිසිම කෙනෙක්ට ෙදාස් කියන්නේ නැහැ’ කවදාහරි දවසක තේරෙයි රයන් කියන පුද්ගලයා කොච්චර අවංකද කියලා’

 දිනේෂ් විතාන
 ඡායාරූප - මංජුල පෙරේරා