ලෝක ස්මාර්ට් ෆෝන් දැවැන්තයෙකු වන සැම්සුන් සමාගම තිරය දෙකට නැවිය හැකි foldable smartphone ප්‍රථමවරට අත්හදාබැලීමට හඳුන්වාදුන්නේ මීට ටික කලෙකට පෙරය. නමුත් එම හඳුන්වාදීම අසාර්ථකවූයේ තිරය නැමීම සාර්ථක ලෙස සිදු නොවීමත් පාවිච්චියේදී ගැටලු මතුවීමත් නිසාය.  ගැටලු සියල්ල
නිරාකරණය කරගෙන ඇති

මෙම සමාගම ලබන සැප්තැම්බරයේ Galaxy Fold නමින් නවතම නැවිය හැකි ජංගම දුරකථනය කල එළි දකිනු ඇත.

මෙම දුරකථනයේ තිරය කොටස් දෙකක් එකට යාවී තිබීම නිසා විශාල තිරයක් ලෙස දර්ශනය වන අතර ජගම දුරකථනයේ කටයුතු පහසු කර ඇත.
කෙසේ වෙතත් ආරම්භයේදී මෙම හඳුන්වාදීම තෝරාගත් රටවල් කිහිපයකට පමණක් සිදු කරන බවද සමාගම දන්වා ඇත.

ආරම්භක මිල ලෙස ඩොලර් 2000 (රුපියල් ලක්ෂ තුනහමාර) කට මෙම දුරකථනය අලෙවි කරන බවද දන්වා ඇත.මේ වනවිටත් තරගකාරී Xiaomi සමාගමද නැවිය හැකි දුරකථනයක් හඳුන්වාදී ඇත.