සිසුන් සිවු දෙනකු රුපියල් 82000 ක ඇපමත මුදා හරින්නැයි කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා පෙරේදා (16) නියෝග කළේය.
මෙසේ ඇපමත මුදාහැරියේ මැල්සිරිපුර මඩහපොළ ප්‍රදේශයේ පාසලක අපොස සාමාන්‍ය පෙළ පංතිවල ඉගෙනුම ලබන එකම පන්තියේ සිසුන්
එක් සිසුවෙකුට රුපියල් 5000ක මුදල් ඇපයක් සහ රුපියල් 20,000ක ශරීර ඇපමත මෙම සැකකාර සිසුන් සිවු දෙනා මුදා හැර ඇත. පැමිණිල්ල ඉදිරිපත් කළ පොලිස් සැරයන් අබේරත්න (29705) මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පහර කෑමට ලක්වූ සිසුවා දින හතරක් පමණ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබු බවත් ඔහුගේ වම් අතේ වැලමිට ප්‍රදේශයට යකඩ පොල්ලෙන් පහරදීමෙන් අස්ථි බිඳී ඇති බව වෛද්‍ය පරික්ෂණවලදී හෙළිවී ඇති බවත් එකම පන්තියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියක් සමග පළමු සැකකරු ප්‍රේම සම්බන්ධයක් පවත්වත බවත් එම සිසුවියගේ මුහුණ දෙස නිරත බලනවා යැයි මෙම සිසුවාට පහරදීම සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇති බවත් දින කිහිපයක් පොලිසිය මගහැර සිටිය සැකකරුවන් සමඟ සිසුවා පැහැර ගැනීමට යොදාගත් ත්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් කියා සිටියේය.
අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා සැකකරුවන් ඉහත ඇපමත මුදාහැර සිද්ධිය සිද්ධිය සම්බන්දව පරික්ෂණ පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගොකරැල්ල පොලිසියට නියම කර වැඩිදුර විභාගය ලබන 23 වෙනි දිනට කල් තැබිය.
(කුරුණෑගල විශේෂ - අතුල පී. බණ්ඩාරනායක)