වොල්ට් ඩිස්නි සමාගම නිෂ්පාදිත අන්තර්ජාතික චිත්‍රපටයක් ලෙස පසුගියදා එළි දැක්වුණ 'ලයන් කිංග්' නමැති චිත්‍රපටයේ හින්දි පිටපත වෙනුවෙන් ෂාරුක් හා ඔහුගේ පුතු ආර්යන් සම්බන්ධ වී තිබේ.

සජීවී සතුන්ට හඩ කැවීම් සිදු කර
එහි හින්දි භාෂා ප්‍රතිනිර්මාණය සිදු කිරීමේදී ප්‍රධාන චරිතය වූ මුසාෆා සිංහයාට ෂාරුක් කානුත් මුසාෆාගේ පුතු වූ සිම්බා සිංහ පැටවාට ෂාරුක් කාන්ගේ පුතු ආර්යනුත් හඩ කවා ඇත.
මේ ඡායාරූපයේ දැක්වෙන්නේ මේ දිනවල චිත්‍රපටය ලොව පුරා තිරගතවන අතර ආර්යන් පුතු හා සුහානා දියණියත් බාල පුතු ඒබ්‍රමුත් මාලදිවයිනේ විනෝද චාරිකාවකට එක්වූ අවස්ථාවේ ෂාරුක් බිරිය ගෞරි ලබාගත් ඉන්ස්ටග්‍රෑමයකි.
ෂාරුක්ගේ දියණිය මේ වනවිට පාසල් ගමන අවසන් කර ඉදිරි අධ්‍යාපනය ලබාගැනීමේ අරමුණින් කටයුතු කරන අතර බාල පුතු තවම පාසල් යයි.