ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකුට පොල්ලකින් පහරදීමේ චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිරකුමාර අබේසේකර මහතාගේ පුතෙකු වන ඉෂාන් චතුරංග අබේසේකර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද
(01දා) උදෑසන හලාවත පොලීසියට භාරවීමෙන් පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 26 හැවැරිදි වියේ පසුවෙයි.
පෙරේදා (29දා) රාත්රියේ මෙම පහරදීම සිදුකර ඇති අතර පහර කෑමට ලක්වූ කොස්තාපල්වරයා හා සැකකාර මන්ත්රී පුතා අතර බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව තිබේ.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා හලාවත රෝහලේ ප්රතිකාර ලබයි.