සිගිරිය ප්‍රදේශයේ එකදිගට ඉතා රහසිගතව සිදු කරගෙන යන පුරාවස්තු විනාශය සහ නිදන් කොල්ලකෑමේ සිද්ධිය මෙහෙයවූ බව කියන ප්‍රධාන සැකකරු සීගිරිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සීගිරිය
රාමකෑලේ ප්‍රදේශයේ
ඒ අනුව පුරාවිද්‍යා භූමියේ වැටී තිබූ ජංගම දුරකථනයකින් ලබා ගත් තොරතුරු මත පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගෙන් හෙළිකර ගත් කරුණු මත මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයා බවට සැක කරන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.කේ.සී.ටී. රත්නායක මහතා කියා සිටියේය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සීගිරිය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු වන අතර නිදන් සෙවීම, මංකොල්ලකෑම්, පුරාවස්තු විනාශ කිරීම සහ අනවසර ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
-කංචන කුමාර ආරියදාස-