https://www.gossiplankanews.com/2019/07/slfp-death-signs.html
ණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි සති කිහිපය තුළ දියාරුවී දෙකට බෙදී අතුරුදන්ව යන බවට දේශපාලන ආරංචි මේ වනවිට හෙළි කර තිබේ.
මෙම තත්වයට ප්‍රධාන හේතුවක්ව ඇත්තේ ශ්‍රී ලනිපයෙන් කැඩී වෙනම පක්ෂයක් ලෙස කරළියට පැමිණි රාජපක්ෂ සහෝදර කණ්ඩායමයි.ශ්‍රීලනිපය 2005 මහින්දගේ නායකත්වයට පත්වූ පසු
වසර 10 ක් පමණ වෙනත් නායකයෙකු බිහිකරන පක්ෂයක් බවට පත්වන්නට ඉඩ නොතැබීමත් එය රාජපක්ෂවරුන්ගේ කෙළිබිමක් බවට පත්වීමත් නිසා එක නායකයෙකු වටා සියල්ලන් ගොනු විය.
එජාපයේ වැඩි සහයෙන් බලයට පැමිණි මෛත්‍රිපාලගේ නායකත්වය පසුකාලීනව එයට ගැළපුනේ නැත. ඡන්ද මැෂිම පිහිටුවා තිබුනේද මහින්ද ළඟය. මේ නිසා පසුව පැවති පුංචි ඡන්දයේදී ශ්‍රීලනිප පාක්ෂිකයින් තමන් දන්නා හඳුනන නායකයා ලෙස තේරුවේ මහින්දය.

කෙසේ වෙතත් කීර්තිය දිනූ ශ්‍රීලනිපය හැරයන්නට අකමැති පිරිසක් විවිධ තාඩන පීඩන සිත් නොහොඳකම් ඉවසමින් ශ්‍රීලනිපයේ රැඳි සිටි නමුත් මේ 2019 වසර අග සිදුවන්නට නියමිත දේශපාලන බල තරගය හමුවේ තමන්ගේ වාසිය සලකා කැමති දිශාවන්ට විසිර යන ලකුනු මේ වනවිට පහළවී ඇත.

ජනාධිපතිවරයා සමඟ දැනට සිටින ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන්ගෙන් පිරිසක් එජාපයටද තවත් කණ්ඩායමක් පොහොට්ටුවටද එක්වීමට මීට දින කීපයකට පෙර සාකච්ඡා කර තිබෙන බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ එ.ජා.ප.ය සමඟ වෙනම කණ්ඩායමක් ලෙස සන්ධානගත වීමට යන්නේ දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු මන්ත්‍රීන් 8 දෙනකුය. මේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවට දයාසිරි ජයසේකර මහතාද එක්වීමට නියමිත වුවත් අවසන් මොහොතේ එය වැළැකී තිබූ බවටද වාර්තා තිබේ. එහි ප්‍රතිඵලය අනුව ඉදිරි සති කිහිපය තුළ මේ පිරිස එ.ජා.ප.ය සමඟ සන්ධාන ගතවීමට බොහෝදුරට ඉඩ ඇත.

ශ්‍රී.ල.නි.ප.යේ තවත් ජ්‍යෙෂ්ඨයන් දහ දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීමට තීන්දු කර ඇත. ඒ ගැන මේ සතියේ එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරැන් බැසිල් රාජපක්ෂ මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත. ඉදිරි කාලයේදී මෙම කතාබහට නිමල් සිරිපාල ද සිල්වා ද එක්වීමට ඉඩ ඇතැයි කියැවේ. එහෙත් කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් දෙතුන් දෙනකු පොහොට්ටුවට බඳවා ගැනීමට ඒ ඒ පළාත්වල පොහොට්ටුව සංවිධායකයන් ප්‍රබල විරෝධයක් එල්ල කර ඇත.
ඒ අතර ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු අමාත්‍යවරයකු පසුගියදා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී යෝජනා කර ඇත්තේ ඉදිරි මහ මැතිවරණ නාමයෝජනා ලබාදීමේදී ශ්‍රී.ල.නි.ප.යෙන් එක්වන කණ්ඩායම වෙනුවෙන් නාමයෝජනාවලින් 30%ක් වෙන් කරන ලෙසය.

කෙසේ හෝ ඉදිරි සති දෙක තුළ එ.ජා.ප.ය හා පොහොට්ටුව සන්ධාන පිහිටුවීමට තීන්දු කර ඇති අතර එම සන්ධාන ස්ථාපිත කිරීමත් සමඟ මෙම පිල් මාරුව සිදුවීමට නියමිතය.
මෙම පිල්මාරුවත් සමග ශ්‍රීලනිපය දියාරුවී අවසන් ගමන් යනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.