මෙරටට ආනයනය කරන සියලුම මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දෙනු ලබන ආරක්ෂිත ස්ටිකරය රහිත ආනයනික මත්පැන් සන්තකයේ තබාගැනීම ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම සහ විකිණීම තහනම් වන බව මුදල් අමාත්‍යාංශය කියයි.

ආනයනික මත්පැන් සඳහා
මෙම නීතිය ජූලි මස 20 වැනි දින  සිට ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරියේදී දේශීය නිෂ්පාදනය කරන මත්පැන් වර්ගවලටද එම ස්ටිකර් නීතිය ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යයාංශය පවසයි.

 නීති විරෝධී ආකාරයට විදේශ මත්පැන් රට තුළට ගෙනඒම මෙන්ම ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් අලෙවි කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යාංශය කියයි.

ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ අළෙවි කරන මත්පැන් සඳහාද නව නීතිය වලංගුවේ.

මෙම ස්ටිකරය ආරක්ෂිත උපාය මාර්ගයන් යටතේ විදේශ සමාගමක මුද්‍රණය කිරීමට නියමිතය.

මෙම නීතිය ක්‍රියාත්මක වීමත් සමග සුරාබදු
දෙපාර්තමේන්තුවේ ආදායම කවුදරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යශය සඳහන් කරයි.

2016 වසරේ රුපියල් බිලියන 120ක්ව පැවැති සුරාබදු ආදායම් 2019 වසරේදී රුපියල් බිලියන 130 දක්වා ඉහළ යනු ඇතැයි  අපේක්ෂා කරන බවද එම අමාත්‍යශය සඳහන් කරයි.