අර්ධ වාර්ෂික වාර පරීක්ෂණය සඳහා සූදානම් කර තිබූ ප‍්‍රශ්න පත‍්‍ර කිහිපයක් සොරාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය විසින් පාසල් සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත‍්‍රාත් එස්.රාම්මුර්ති මහතා වෙත ඉකුත් 26 වැනිදා ඉදිරිපත්
කිරීමෙන් අනතුරුව එම දෙදෙනා රුපියල් විසි පන්දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හැර යළිත් එම නඩුව 8 වැනිදා කැඳවීමට නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය ෆෙයාර්ලොන් දමිළ මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටින දෙදෙනෙකි.
අර්ධ වාර්ෂික පරීක්ෂණය සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් විභාගයට අදාළ ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කර කලාපයේ සියලූම පාසල් වෙත බෙදා හැර තිබූ අතර මස්කෙලිය ෆෙයාර්ලොන් දමිළ මහ විදුහලට ලද ප‍්‍රශ්න පත‍්‍ර
ප‍්‍රශ්න පත‍්‍ර සොරාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි. මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරොන් රත්නායක මහතාගේ මෙහෙය වීම යටතේ පො.සැ සමන්ත (40552), පො.කො.රි රත්නායක (3498) යන සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර පො.කො පෙරුමනාගයම් (54761) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
නුවරඑළිය නාලක රත්නායක