එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා බොරිස් ජොන්සන් එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වීම ගැන ප්‍රශංසා කළ අතර, ලන්ඩනයේ හිටපු
නගරාධිපති සහ විදේශ ලේකම්වරයා රටේ මීළඟ අගමැතිවරයා ලෙස ඩවුන් වීදියට “බ්‍රිතාන්‍ය ට්‍රම්ප්”  ගෙන එනු ඇතැයි පුරෝකථනය කළේය.

“අපට ඇත්තෙන්ම හොඳ මිනිසෙක් සිටී. ඔහු දැන් එක්සත් රාජධානියේ අගමැති වනු ඇත, ඒ බොරිස් ජොන්සන්,” යනුවෙන් එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් වොෂිංටන්හි ටර්නින් පොයින්ට් ඇමරිකා නමින් එක්සත් ජනපදයේ යෞවන ශිෂ්‍ය ක්‍රියාකාරී සමුළුවේදී රැස්ව සිටි පිරිසට පවසා තිබේ.
"හොඳ මිනිහා, ඔහු දැඩියි, ඔහු දක්ෂයි. ‘ යනුවෙන් ඔහු ගැන ට්‍රම්ප් වරණනා කළේය. ඇතැමුන් බොරිස් ජොන්සන් හදුන්වන්නේ 'බ්‍රිතාන්‍ය ට්‍රම්ප් ’කියායි. දෙදෙනාගේ කෙස් කළඹද සමානය.

කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයින්ගෙන් සියයට 66 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජොන්සන් විදේශ ලේකම් ජෙරමි හන්ට්ට එරෙහිව ජයග්‍රහණය ලබා ගත් අතර ඉවත් වන අගමැතිනි තෙරේසා මේ වෙනුවට නව අගමැති ලෙස දෙවන එලිසබෙත් රැජින බදාදා රජයක් පිහිටුවීමට ජොන්සන්ට ආරාධනා කළාය.

ට්‍රම්ප් අඟහරුවාදා උදෑසන ජොන්සන්ට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු එම භූමිකාව “විශිෂ්ට වනු ඇති” බවයි.
“ඔහු තම රට හා තෙරේසා මේ සමඟ ඔවුන්ගේ අසාර්ථක බ්‍රෙක්සිට් සාකච්ඡා ගැන කතා කළ යුතු අතර එය කෙතරම් අයහපත් ලෙස හැසිරවූවාද යන්න පිළිබඳ මගේ විවේචන ගැන කලබල නොවන්න” යැයි ට්‍රම්ප් අදහස් දක්වා ඇත.

කෙසේ වෙතත් ට්‍රම්ප් සමග සබඳතා ඇති බවට බොරිස් ජොන්සන් ගැන පැතිර ඇති කතා සත්‍යයම නොවන බව සීඑන්එන් වාර්තා කර තිබේ. හැමවිටම බොරිස් ට්‍රම්ප්ගේ මිතුරෙකු වන්නේ නැත යනුවෙන් ට්‍රම්ප්ට විරුද්ධ අදහස් නිතර පළකරන සීඑන්එන් පුවත් පළ කර ඇත.