වෙඩි වැදුණු ජීප් රිය හම්බෙගමුව පොලීසිය භාරයට ගෙන ඇති අතර වෙඩි තැබූ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු පෙරේදා (20) රාත්‍රී හම්බෙගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හම්බේගමුව පොලිසිය පැවසුවේය.
පසුගිය සෙනසුරාදා උඩවලව ජාතික උද්‍යානයේ යංචාරයට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් රැගත් වාහන තුනක් එක් මාගෝපදේශකයකුගේ මගපෙන්වීම මත වනෝද්‍යානය තුළ ගමන් කර තිබේ. ප.ව තුනත් හතරත් අතර කාලයේ දී හම්බෙගමුවේ පොලිස් වසමට අයත් ගල්අමුණ ප්‍රදේශයට වනසතුන් නරඹමින් මෙම සංචාරක වාහන පැමිණ තිබේ.
ඒ අවස්ථාවේ වනෝද්‍යානය තුළ පුද්ගලයන් දෙදෙනකු
සිටිනු දැක සංචාරකයන් සිටි ජීප් රථ දෙකක රියදුරන් එම වාහනවලින් බැස උද්‍යානයේ සිටි දෙදෙනා පසුපස හඹා
ගොස් තිබේ. ඒ අස්ථාවේ විදේශ සංචාරකයන් යුවළක් සිටි ජීප් රථයේ පිටුපස වීදුරුවට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව හම්බෙගමුව පොලීසිය කියයි.
වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවන දඩයක්කරුවන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
වෙඩි ප්‍රහාරයෙන් සංචාරකයන්ට කිසිදු අනතුරක් සිදුවී නැත. ජීප් රථයේ වීදුරුවේ වෙඩි සලකුණු දක්නට ඇත. හම්බෙගමුව පොලීසියට ලද තොරතුරක් අනුව හම්බෙගමුව පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සීලෝගම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂණ පැවැත්වූහ. ඉන් අනතුරුව හම්බෙගමුව ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙක් සැකපිට එදින රාත්‍රියේම අත්අඩංගුවට ගෙන තිබේ.
එහෙත් වෙඩි තැබීමට උපයෝගී කරගත් ගිනිඅවිය
සොයාගෙන නැත. මෙය සංචාරකයන්ට එල්ල කළ ප්‍රහාරයක් නොවන බවින් සංචාරකයන් රැගෙන යන රියදුරන් කළ අනවශ්‍ය ක්‍රියාවක් නිසා ඇතිවූ සිදුවීමක් පමණක් බවත් වනජීවි දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. සංචාරකයන්ට මෙය කිසිසේත්ම බලනොපාන බව පැවසු එම ප්‍රකාශකයා සංචාරක ජීප් රියදුරන් වනෝද්‍යානය ඇතුළේ කටයුතු කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස් පිළි නොපැදිම නිසා ඇතිවූ සිද්ධියක් බවද පැවසීය.