https://www.gossiplankanews.com/2019/07/udayakantha-warnasuriya-fake-calls.html
ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ නම අවභාවිත කරමින් වංචනික හා අයුතු යෝජනා සිදු කළ පුද්ගලයෙකු අල්ලාදෙන ලෙස ඉල්ලා උදයකාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර ඇත.මේ සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් පැවැත්වෙන අතර උදයකාන්ත මහතා මෙසේ දන්වා තිබේ.

' මගේ නම භාවිත කරමින් රංගන ශිල්පිනියන්ට, නර්තන ශිල්පිනියන්ට, මෝස්තර නිරූපණ ශිල්පිනියන්ට  මෙන්ම නවක නළු නිළියන්ට රංගන අවස්ථා ලබාදෙන බව පවසමින් දුරකථන ඇමතුම් ලබාදීමක්
සිදුවෙනවා. ලංකාවේ හොඳම චිත්‍රපටයක් මේ දිනවල මා නිර්මාණය කරන බවටත්,
 ඒ සඳහා රංගනයෙන් දායක වන අයට හොඳට ගෙවීම් සිදුකරන බවටත් පවසමින් තමයි නළු නිළියන්ට අයුතු යෝජනා සිදුකරලා තියෙන්නේ. ඡායාරූප ගෙන්වා ගැනීමක් තමයි මුලින්ම  සිදුකරලා තියෙන්නේ. ඊට පස්සේ නිරුවත් ඡායාරූපත් එවන්න කියලා මා ලෙස පෙනීසිටිමින් දුරකථන ඇමැතුම් ලබාදෙන

පුද්ගලයා කියලා තියෙනවා. කොහොම වුණත් මේ දිනවල දවසකට මට දුරකථන ඇමතුම් දෙක තුනක් එනවා මේ සිද්ධියේ ඇත්ත නැත්ත අහන්න.

මේ සම්බන්ධයෙන් පොලිසියටයි, සීඅයිඩී එකටයි පැමිණිලි කළා. දැනගෙන හිටියේ නෑ කවුරු මොන වුවමනාවකට මෙවැනි දෙයක් කළාද කියලා. මගේ රූපය විතරක් නෙවෙයි චිත්‍රපට සංස්ථාවේ නිල ලාංඡනයත් යොදාගෙන තමයි මේ පුද්ගලයා මේ විදිහට චැට් කරලා තියෙන්නේ. පූර්ණ වශයෙන්ම ආබාධිත වූ එක්තැන් වූ පුද්ගලයෙක් තමයි මේ සියල්ල සිදුකරලා තියෙන්නේ. නළු නිළියන්ට, නිරූපණ ශිල්පිනියන්ට දුරකථනයෙන් අමතමින් ඒ අයට චැට් කරමින් විවිධ නිරුවත් ඡායාරූප නරඹමින් තමයි මේ පුද්ගලයා දිවි ගෙවන්නේ.
ඇත්තටම මේ පුද්ගලයාට අනුකම්පා කරනවා හැර වෙන කරන්න කිසිම දෙයක් නෑ. ඒ මනුස්සයාට තියෙන්නේ මානසික ප්‍රශ්නයක්.

මීට පෙරත් මගේ නමින් ක්ෂේත්‍රයේ

කිහිපදෙනකුට කතා කරලා යම් යම් අයුතු යෝජනා සිදුකරලා තියෙනවා. ආයෙත් එයම සිද්ධ වෙනවා. දැන් නම් මේ සියල්ල පිටුපස ඉන්නේ කවුද කියලා හොයාගෙන තමයි තියෙන්නේ.

මේ දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයා හෙළිවීමත් සමඟ මට වෙන කරන්න කිසිම දෙයක් ඉතිරි වුණේ නෑ. මමත් ඒ මනුස්සයාට අනුකම්පා කරනවා. නමුත් මට මගේ සහෝදර පිරිසට, අපේ රසික පිරිසට ආදරයෙන් කියන්න තියෙන්නේ,  මගේ නම භාවිත කරලා යම් පුද්ගලයෙක් ඇමතුමක් ලබාදුන්නොත්, කෙටි පණිවුඩයක් ලබාදුන්නොත් හෝ කිසියම් ආකාරයකින් පණිවුඩ හුවමාරුවක් සිදුකළොත් එවැනි ක්‍රියාවලට හසු නොවී ඉන්න කියලා තමයි. මමත් මේ සිද්ධිය නිසා සෑහෙන්න අසීරුතාවට පත්වෙලා ඉන්නේ.

ඩොනල්ඩ් ජයන්ත, සුනිල් ආරියරත්න වැනි අධ්‍යක්ෂවරුන්ටත් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවුණා. මේ දවස්වල මගේ අලුත් සිනමාපටයේ වැඩ කරගෙන යනවා. ඒත් එක්කම තමයි මේ විදිහට මට මඩ ව්‍යාපාරයක් දියත් වෙන්නේ.'

සාකච්ඡාව- අනූෂා රාජපක්ෂ