ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය කිරීමට පළමුව
එම පක්ෂය සමගින් එක්ව සිටින 
සුළු පක්ෂවල මතය විමසීමට අග්‍රාමාත්‍යවරයා විසින් තීරණය කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සුළු පක්ෂ දරන ස්ථාවර සහ ඔවුන්ගේ යෝජනාවන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අගෝස්තු 5 වැනි දා දිනයේ මෙම සාකච්ඡාව කැඳවා ඇත.
 සමස්ත ලංකා මහජන කොංග්‍රසය ,ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ප්‍රගතශීලී සන්ධානය සහ ජාතික හෙළ උරුමය යන පක්ෂවල නායකයින් හා නියෝජිතයින් මෙම සාකච්ඡාවට කැඳවා ඇත.
එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා  රනිල්ද,සජිත්ද,කරුද වෙනත් කෙනෙක්ද යන්න තවම තීරණය වී නැත.