ඇතුළු පුද්ගලයන් 8 දෙනෙක් අද(22) උදෑසන උසාවියට භාර වී ඇත.
පසුගිය 18 දින
පහරදුන් සිද්ධියේ වාහනයේ සිටි ප්‍රභූවරයා වූයේද මේ කියන දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තාය.
රූපවාහිණී නාලිකා කිහිපයක කුඩා දරුවන්ට ගණිතය පාඩම් කියාදෙන, අඩු වැඩි කිරීමේ විවිධ ක්‍රම උගන්වන්නේ මොහුය. තවද ඔහු නීතිඥවරයකුද වෙයි.
පසුගිය කාලයේ ෆේස්බුක් සමාජ ජාලය තුළ "2020 ජනාධිපතිවරණයට එන උගත්, බුද්ධිමත් තරුණ ඉංජිනේරු, නීතිවේදියා කවුද?" යැයි කියමින් මොහු ගැන ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් විය.
ඔහු නීතීඥයෙකු බවත් ඉංජිනේරුවෙකු බවත් පේරාදෙණි සරසවියේ කථිකාචාර්යවරයෙකු බවත් ලන්ඩන් සරසවි උපාධියක් හිමි අයෙකු බවත් ෆේස් බුක් තුළ සටහන් කර ඇත.
අද උදෑසන භාරවූ දිනේෂ් ඇතුළු 8 දෙනා ජූලි 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.