දෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) ප්‍රකාශ කළේය.
එක් ගුවන් ගමන් වාරයක් අවලංගු කිරීමෙන් ඇමෙරිකන් ඩොලර් 11,000ක ඍජු පාඩුවක් හා වක්‍රව ඇමෙරිකානු ඩොලර් 49,500ක පාඩුවක් සිදුවන බව හෙතෙම පෙන්වා දුන්නේය.
අනුර කුමාර දිසානායක මහතා මතු කරන ලද ප්රශ්නය තම විෂය පථයට අයත් නොවන බවත් අදාළ ප්රශ්නය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමට කටයුතු කළ බවත් ඇමැතිවරයා පැවැසීය. ඒ අනුව අදාළ ප්රශ්නය සදහා සවිස්තර පිළිතුරක් මුදල් රාජ්‍ය ඇමැතිවරයා විසින් අද (09දා) දිනයේදී ලබාදෙනු ඇතැයිද අශෝක් අබේසිංහ මහතා පැවැසීය.
-රුචිර දිලාන් මධුශංඛ-