ක්‍රීඩාංගණ ප්‍රධාන
ටෙස්ට් තරගයේ සිවුවන දිනයේදී ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුවේ සිදුකළ පරික්ෂාවකදී මෙම සිසුවියගේ කලිසම් සාක්කුවේ රඳවාගෙන යමින් සිටියදී කේරුළ ගංජා පැකැටුව සොයාගෙන ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී ඇය සමඟ තවත් සිසුන් 12 දෙනකු ක්‍රීඩාංගණය වෙත පැමිණ ඇති බවටද කරුණු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සිසුවිය බත්තරමුල්ලේ රජමල්වත්ත ප්‍රදේශයේ පදිංචි 22 වියැති සිසුවියක් බවටද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණ පොලිස් මුරපොළේ පොලිස් පරික්ෂක සුජීව සහ සැරයන් නන්දසිරි (20470) යන නිලධාරීන් සැකකාර සිසුවිය අත්අඩංගුවට ගෙන තිබිණි.
ගාල්ල - තරිදු භාග්‍ය විජේහේවා